Posts Tagged ‘A/L’

GCE A/L Information and Communication Technology – 2015

2015 වර්ෂයේ රජය විසින් පැවැත්වූ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (සිංහල මාධ්‍යය) විෂයට අදාළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයයි. Here is the 2015 GCE A/L Information and Communication Technology Full paper (Sinhalese Medium). To download follow this link. Please share with your friends!

download

GCE A/L Science for Technology 2015 Full Paper

2015 වර්ෂයේ උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයට අදාළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයයි. Here is the GCE A/L Science for Technology 2015 Full Paper. To download follow this link. Please share with your friends!

GCE A/L 2017 Biology

2017 වර්ෂයේ රජය මඟින් පැවැත්වූ උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයයි. This is the 2017 GCE A/L Biology MCQ paper. Download complete question paper via following link.

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

01. පහත දී ඇති සංයෝග වලින් කවරක් තනි නියුක්ලියෝටයිඩයකින් පමණක් සෑදී තිබේද?
1. NAD 2. ATP 3. FAD 4. m-RNA 5. DNA

02. ජීවියෙකුගේ සුවිශේෂි වාසස්ථානයේ වෙනස්වීම් වලට අනුකූලව ඇති වූ අනුවර්තනයක් ලෙස සැලකිය නොහැක්කේ.
1. සමහර කඩොලාන ශාකවල ජලාබුජතාවයි.
2. ශුෂ්ක ශාකවල පත්‍ර පහුරු බවට විකරණය වීමයි.
3. කාන්තාර වල වෙසෙන ඔටුවාට පුළුල්ව විහිඳුණු පාද තිබීමයි.
4. උණුසුම් පරිසර වලදී වැඩිපුර දහඩිය දැමීමයි.
5. කෘමීන් පෙන්වන වේශාන්තරණයයි.

03. DNA අණුවක ඇඩිනීන් මෙන් හතර ගුණයක් සයිටෝසීන් පවතී නම්, නයිට්‍රජනීය භෂ්ම 12000 ක් DNA අණුවක පවතින ගුවැනීන් භෂ්ම සංඛ්‍යාව කොපමණද?
1. 2400 කි. 2. 3000කි. 3. 4000 කි. 4. 4800 කි.
5. 9600 කි.

04. DNA හා ප්‍රෝටීන් යන දෙවර්ගයම,
1. ඉහළ උෂ්ණත්ව වලදී අප්‍රතිවර්ත්‍ය ලෙස ගුණාහානිකරණය සිදුවේ.
2. ශාඛනය නොවූ රේඛීය බහු අවයවික වේ.
3. ඇතැම් වෛරස වල ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි.
4. ස්වයං ප්‍රතිචලිත වියහැකි අණු වේ.
5. බැක්ටීරියා වර්ණ දේහයේ අඩංගු වේ.

05. ක්ෂුද්‍ර දේහ සම්බන්ධව පහත දී ඇති ප්‍රකාශවලින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.
1. මේවා ඔක්සිකාරක එන්සයිම අඩංගු පටලමය ආශයිකා වේ.
2. මේවා සමහරක් පෙරොක්සයිඩ් වල විෂ හරණ කරයි.
3. පෙරොක්සිසෝම ශාක ප්‍රභාසංශ්ලේෂණයේ දී වැදගත් වේ.
4. පෙරොක්සිසෝම ශාක සත්ත්ව සෛල දෙකහිම ඇත.
5. මේවා අන්තඃ ප්ලාස්මීය ජාලිකා වලින් නිපදවයි.

A/L Information and Communication Technology – Central Province – 2018 – Full Paper

මධ්‍යම පළාත් සභාව විසින් 2018 වර්ෂය සදහා සකස් කල උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පෙරහුරු ප්‍රශ්න පත්‍රයයි. Here is the advanced level Information and communication technology  model paper created by Central province education department of Sri Lanka. This includes complete paper. Follow this link to download. Please share with your friends!

A/L Physics Model Paper 2018 by Prof. Kalinga Bandara Full Paper with Answers

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය කාලිංග බණ්ඩාර විසින් සැකසූ උසස් පෙළ භෞතික විද්‍යාව පෙරහුරු ප්‍රශ්න පත්‍රයයි. Here is the advanced level Physics model paper created by Prof. Kalinga Bandara in 2018. Download complete paper and answers from following download link. Please share with your friends!

උසස් පෙළ සිංහල සාහිත්‍යය විචාර එකතුව

01 – පක්ෂි භාෂාව

-ආනන්ද රාජකරුණා-

අරමුණ :-

            සොබා දහමේ අපූර්වත්වය මැනවින් ප්‍රතිනිර්මාණය කරමින් ඊට සංවේදීව ජීවත් වීමෙන් සොබා දහම, ලෝකය මැනවින් අවබෝධ කර ගත හැකි බව පාඨක සිත තුළ ප්‍රතිනිර්මාණය කිරීම.

වස්තු විෂය :-

            පක්ෂීන් සිය අදහස් හුවමාරු කර ගැනීම සඳහා යොදා ගන්නා පක්ෂී නාදය පරිසරයට සංවේදී මිනිසුන් වහා අවබෝධ කර ගන්නා ආකාරය. තම වර්ගයාට විපතක් ඇති වූ විට පක්ෂීන් වහා එය අවබෝධ කරගන්නා ආකාරය.

උදා :- ‘‘හදිස්සියක් වූ විට එක්තරා හඬක් …’’

භාෂාව :-

ව්‍යවහාරගත භාෂාව යොදා ගෙන ඇත.

උදා :- ‘‘නයින් පොලොන්ගුන් දැක …’’

‘‘සියල්ලෝමත් මේ හඬවල් …’’

සාම්ප්‍රදායික භාෂා භාවිතය :-

උදා :- කුසුම්, රුක්, ගුවන්, ගැබේ, අනුරාග, වියෝග

ව්‍යාකරණ රීති උල්ලංඝනය කර ඇති බව :-

            උදා :- ‘‘අමීරි වූ සෝක හඬක නගත් තෙපී …’’

සංකල්ප රූප :-

            කුරුළු ලොවෙහි ඇති සොදුරුභාවය සහෘද සිත්සතන් හී චිත්‍රනය කිරීම.

උදා :- ‘‘ගසක් වැලක් හෝ ගොමුවක් …’’

‘‘කිසිත් හඬක් දැන් අරු‍‍ණෝදයයි …’’

දෘෂ්ටි කෝණය :-

            ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය.

ආකෘතිය හා විරිත ‍:-

සිලෝ ආකෘතිය හා වංශස්ත විරිත යොදා ගෙන ඇත.


අනෙකුත් පහත සදහන් සිංහල සාහිත්‍යය විචාර පෙල ද පහත ඩවුන්ලෝඩ් යෙදුම හරහා බාගත කර ගත හැක.

02 – හිගන්නා – කුමාරතුංග මුණිදාස
03 – පරලොවට පණිවිඩයක් – ජී.එච්. පෙරේරා
04 – වවුලු හමුව – රැයිපියෙල් තෙන්නකෝන්
05 – දරු නැලවිල්ල – ඇස් මහින්ද හිමි
06 – රුව දැකීම. – ජී.බී. සේනානායක
07 – අන්ධ කවියා – පී.බී. අල්විස් පෙරේරා
08 – හේරත් හාමි – විමලරත්න කුමාරගම
09 – දිවා භෝජනය – සිරි ගුණසිංහ
10 – කතරගම – ගුණදාස අමරසේකර
11 – ගුරු පියාණෙනි – කෝ. ආනන්ද හිමි
12 – ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ – ආරියවංශ රණවීර
13 – මිතුරන් දෙදෙනා සහ .. – පරාක්‍රම කොඩිතුවක්කු
14 – දෙදෙනාම දියණියෝ. – බුද්ධදාස ගලප්පත්ති
15 – වංකගිරියට මාරුවීම. – රත්න ශ්‍රී විජේසිංහ
16 – වලව්වට වැසි ඇවිත් – නන්දර වීරසිංහ
17 – සුරා සොඬ සැමි වලප – යමුනා මාලනී පෙරේරා
18 – සතර .. – එරික් ඉලයප්ආරච්චි

Royal College English Medium Grade 13 Combined Mathematics Full Paper 2012

Here is the Royal College English Medium Grade 13 Combined Mathematics Full Paper 2012 with marking scheme. This paper covers all the theory and concepts of Advanced Level Pure and applied mathematics. Follow this link to download PDF version. Share this resource with your friends!

Devi Balikha Vidyalaya-2010-Last Term-Physics-Grade-12

කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ 2010 වර්ෂයේ වාර අවසාන භෞතික විද්‍යාව ප්‍ර‍ශ්න පත්‍ර‍යයි. 12වන ශ්‍රේණියට අදාළ සියලුම පාඩම් ඒකක ආවරණය වන පරිදි සකසා ඇත.

This is the Physics last term test paper of Devi Balikha Vidyalaya – Colombo. This paper has covered all the units of Advanced Level Physics in Grade 12.