Posts Tagged ‘Sri Lankan Past Papers’

ලේ තැවරුණු නිදහසේ හැටපස් වසර – Post-Freedom stage of Sri Lanka

වික්ටර් අයිවන්

නිදහස ලැබී ගෙවී ගොස් ඇති වසර ගණන වසර 65කි. එහෙත් නිදහස ලැබනෙ අවස්ථාව වනවිට සම්පූර්ණ කරගත යුතුව තිබුණු ප‍්‍රධාන කොන්දේසි දෙකක් ලෙස සැලකිය හැකි එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජයක් ඇතිකර ගැනීමට අද දක්වා අප සමත් වී නැත. මුළු දිවයිනම එක්සේසත් කොට දේශසීමා සහිත ජාතික රාජ්‍යයක් ඇති කර දුන්නේද එම ජාතික රාජ්‍යය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් අපට ඇති කර දුන්නේද බි‍්‍රතාන්‍යයන්ය. එහෙත් එම ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයේ සාර්ථක ක‍්‍රියාකාරීත්වයක් සඳහා අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජයක් බි‍්‍රතාන්‍යයන් අපට හිමිකර දුන්නේ නැත. ඒවා සම්පූර්ණ කරගත යුතුව තිබුණේ අප විසිනි. එහෙත් එම අවශ්‍යතා දෙක නිවැරදි ලෙස තේරුම් ගෙන ඊට උචිත ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමට අවශ්‍ය කරන දේශපාලන ප‍්‍රඥාව අපේ ජාතික දේශපාලන නායකයන්ට නොතිබුණේය.
එම නිශ්චිත කාරණයේදී ඉන්දියානු ජාතික නායකයන්ගේ සාර්ථකත්වය හා ශ‍්‍රී ලංකාවේ ජාතික නායකයන්ගේ අසාර්ථකත්වය පිළිබඳව තුලනාත්මක කරුණු විමසීමක් මාගේ ‘ශ‍්‍රී ලංකාව ගලවා ගැනීම’ නැමති කෘතියට ඇතුළත්ය.
ඉන්දියානු නායකයන් එම නිශ්චිත කාරණයේදී ඉතාමත් පරිණත හා ප‍්‍රඥාවන්තවීයැ’යි කිව හැකිය. ඊට වෙනස්ව අපේ නායකයන් අපරිණත අඥානවීයැ’යි ද කිව හැකිය. ඉන්දියානු නායකයන්ට යටත්විජිතවාදයේ අයහපත් ලක්ෂණ ගැන සේ ම යහපත් ලක්ෂණ ගැනද විචක්ෂණ න්‍යායික දැක්මක් තිබුණේය. එහෙත් අපේ නායකයන්ට එවැන්නක් නොතිබුණේය. නැතිනම් එක්කෝ ඔවුහු යහපත් දේවලට පමණක් නොව අයහපත් දේවලටද පේ‍්‍රම කළෝය. නැතිනම් අයහපත් දේවලට පමණක් නොව යහපත් දේවලටද වෛර කළෝය.
භූමියේ ප‍්‍රමාණය හා ජනගහනයේ ප‍්‍රමාණය අනුව ගත්විට මේ රටවල් දෙක අතර වෙනස්කම් තිබුණද මේ රටවල් දෙකේ සමාජ-ආර්ථික හා දේශපාලනය කෙරෙහි බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදය විසින් ඇති කරන ලද බලපෑම කිසියම් විශාල ප‍්‍රමාණයකට එක සමාන විය. ලංකාවේදී මෙන් ඉන්දියාවේදීද ඉන්දියාව එක්සේසත් කොට එය නවීන ජාතික රාජ්‍යයක් බවට පත්කරන ලද්දේ බි‍්‍රතාන්‍යයන් විසිනි. ලංකාවට සේ ම ඉන්දියාවටද තිබුණු වැඩවසම් රාජාණ්ඩු ක‍්‍රමය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් හඳුන්වා දුන්නේ ද බි‍්‍රතාන්‍යයන් විසිනි.
ලංකාවට වෙනස්ව ඉන්දියාව නිදහස දිනාගැනීම සඳහා මුළු මහත් ඉන්දියානු සමාජයම ක‍්‍රියාකාරී ලෙස සහභාගි කරවා ගන්නා දුෂ්කර හා දිග්ගැස්සුණු නිදහස් අරගලයක නිරත වූයේය. එම නිදහස් අරගල ව්‍යාපාරය තුළ ජාතික රාජ්‍යය පවත්වාගෙන යෑමට අවශ්‍ය එක්සත් ජාතියක්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සම්ප‍්‍රදායයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණධර්මවලට ගරුකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජයක්ද ගොඩනගා ගත්තේය. එක්සත් ජාතියක් ගොඩනගා ගැනීම සඳහා කුලභේදයට තිබෙන නිල පිළිගැනීම අහෝසි කරන අතර මහජනයා අතර පැවති ආගමික හා වාර්ගික භේද තුනී කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඒ මගින් සමාජයේ පැවති භේද තුනී කොට ඔවුන් සියලූදෙනා සමාන අයිතිවාසිකම් ඇති එක්සත් ඉන්දියානු ජාතියක් බවට පත් කළේය. ඒ සමග එම අරගල ක‍්‍රියාවලිය තුළ සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්ප පෝෂණය කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජයක් ගොඩනගා ගත්තේය.

අප තෝරාගත් මාවත

එහෙත් නිදහස දිනාගැනීම සඳහා අපේ ජාතික නායකයන් තෝරාගත් මාවත ඊට බොහෝ වෙනස් විය. නිදහස දිනාගැනීම සඳහා කැරෙන අරගලයට බහුජනයා සම්බන්ධ කරගන්නවාට එම නායකයෝ තරයේ විරුද්ධ වූහ. සාමාන්‍ය ජනයාට ඡුන්ද බලය ලබාදෙන ප‍්‍රතිපත්තියට පවා ඒ.ඊ. ගුණසිංහ හැර පොන්නම්බලම්වරුද, සේනානායකවරුද, බණ්ඩාරනායකලා හා ජයවර්ධනලාද විරුද්ධ වූහ. ඉන්දියානු නායකයන් නිදහස් සටනේ ආරම්භක අවධියේ සිටම ලැබී තිබුණු ඉංග‍්‍රීසි නම්බුනාම ආපසු භාරදී ඉංග‍්‍රීසි නම්බුනාම ලබාගැනීම ප‍්‍රතික්ෂේප කළහ. එහෙත් අපේ ජාතික නායකයෝ ඉංග‍්‍රීසි නම්බුනාමවලට ගිජු බවක් දැක්වූහ. අපේ ජාතික නායකයන් අතර සිටි දියුණුම පුද්ගලයා ලෙස සැලකිය හැකි පොන්නම්බලම් අරුණාචලම් පවා තමන්ට නයිට් පදවියක් ප‍්‍රමාද වී ලැබීම කනස්සල්ලට හේතුවක් කරගත්තේය. ලංකාව හිමිකරගත් නිදහසට අයිතිවාසිකම් කී සියලූ නායකයෝ් ඉංග‍්‍රීසි නම්බුනාම හිමි කරගෙන සිටියා පමණක් නොව ඒවා මහත් උජාරුවෙන් පරිහරණය කරන තත්ත්වයකද සිටියෝය. ඉන්දියානු ජාතික නායකයෝ් ඉංග‍්‍රීසි ඇඳුම් පැළඳුම්වලින් පමණක් නොව ඉංග‍්‍රීසි ජීවන ක‍්‍රමයෙන්ද ඉවත්ව සිටියෝය. එහෙත් අපේ ජාතික නායකයෝ ඉංග‍්‍රීසි ඇඳුම් පැළඳුම්වලට සේ ම ඉංග‍්‍රීසි ජීවන ක‍්‍රමයටද මහත් සේ ඇලූම් කළෝය. ගැමි හදවතක් තිබූ නායකයා ලෙස සැලකිය හැකි ඞී.එස්. සේනානායක පවා උස් තොප්පි හා වලිග කබා අඳින්නට ප‍්‍රිය කළේය. පසුකලක මහජන උත්සවවලට පමණක් රෙද්ද බැනියමට මාරුවූ බණ්ඩාරනායක හා ජේආර් ජයවර්ධන පවා රාත‍්‍රී ඇඳුම ලෙස පාවිච්චි කළෝ පිජාමා ඇඳුමය. දෙදෙනාම සිංහල කතා කළේ ඉංග‍්‍රීසි ආරයටය. දෙදෙනාටම හොඳින් සිංහල ලිවීමේ හැකියාවක් නොතිබුණි. අප නිදහස දිනාගත්තේ ඒ වෙනුවෙන් කෙරෙන කිසිදු බලවත් ජාතික උත්සාහයකින් තොරව දීනකම හා සටකපටකම මනා ලෙස ප‍්‍රයෝජනයට ගැනීම මගිනි.
අප නිදහස දිනාගැනීම වෙනුවෙන් වයිට්හෝල් අධිකාරියට ඉදිරිපත් කළ බලවත් තර්ක දෙකක් තිබුණි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අකීකරුව සටන් කරන තැනකට ගිය රටවලට නිදහස දෙන්නේ නම් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට හොඳටම කීකරුව ක‍්‍රියා කළ ලංකාවට නිදහස නොදීම සාධාරණ වන්නේ කෙසේද යන්න නගන ලද පළමු තර්කය විය. මේ මොහොතේ අපට (ඞී.එස්. සේනානායකට* එය නොදෙන්නේ නම් එය දෙන්නට සිදුවනු ඇත්තේ අධිරාජ්‍ය විරෝධීන් ලෙස ක‍්‍රියා කළ වමට බවට නගන ලද දෙවැනි තර්කය විය.
අවසානයේ අප නිදහස හිමිකර ගත්තේ නිදහස වෙනුවෙන් කරන අරගලයන් සඳහා එකුදු ලේ බිඳුවක් හෝ නොසොල්වාය. වැරදීමකින් සිදුවූ 1915 සිංහල-මුස්ලිම් කෝලාහල සිද්ධියේදී හැර කිසිවකුටවත් (වාමාංශික නායකයන්ට හැර* සිරබත් කන්නටවත් සිදුවූයේ නැත. එය විශාල මහන්සියකින් හෝ දෘඪ උත්සාහයකින් තොරව සරල ලෙස දිනාගත් නිදහසක් විය. සාමාන්‍ය ජනතාව පමණක් නොව ජාතික නායකයෝද කුලභේදයට අනුගතවී සිටියෝය. වර්ග භේදයට හා ආගම් භේදයට අනුගතවී සිටියෝය. තම පුතාට නිතරගයෙන් තේරී පත්වන්නට ඉඩ නොදී බත්ගම අපේක්ෂකයකු තරග බිමට එවීම ඞී.එස්. සේනානායකගේ කෝපයට හේතුවිය. සේනානායකගේ ආධාරකරුවෝ තරග කළ අපේක්ෂකයාගේ නිවස අසූචිවලින් නෑවූහ. ලක්ෂපාන ව්‍යාපාරයේ නිර්මාතෘවරයා විමලසුරේන්ද්‍ර පරාජය කොට තමන්ගේ කෙනකු එම අසුනට ගැනීම පිණිස බණ්ඩාරනායකගේ ආධාරකරුවෝද කුල තුරුම්පුව මනා ලෙස පාවිච්චි කළෝය. සේනානායකලාට අවනත නොවූ කෙනකු ලෙස සැලකිය හැකි ඊ.ඩබ්ලිව්. පෙරේරා පරාජය කරන්නට ආගම තුරුම්පුවක් ලෙස පාවිච්චි කළෝය. ලංකා ජාතික සංගම් රැුස්වීම්වලදී ඒ.ඊ. ගුණසිංහයන්ගේ හඬ නිහඬ කරන්නට ඔහුගේ කුලය තුරුම්පුවක් ලෙස පාවිච්චි කළෝය. උගත් ලාංකික නියෝජිතයාගේ ආසනයට කරාව කුලයේ කෙනකු පත්වීම වැළකීම සඳහා සිංහල ගොවිගම නායකයෝ් දෙමළ පොන්නම්බලම් රාමනාදන් තරග බිමට ගෙනාවෝය. කුලයක් පරාජය කැරෙන හා අවමානයට ලක් කැරෙන අරගලයක් බවට එම ඡුන්ද සටන පත්වන බව දැන දැනම රාමනාදන් සොහොයුරෝද ඒ පාපයේ කොටස්කරුවන් බවට පත්වූහ. කරාව කුලයේ නායකයන් රාමනාදන්ලාගෙන් ඒ පළිය ගත්තේ බටහිර කොළඹ ආසනයට පොන්නම්බලම් අරුණාචලම් එම ආසනයට නිතරගයෙන් පත්වීමට ඉඩ නොදෙන ප‍්‍රතිපත්තියක් මගිනි. ඒ නිසා අරුණාචලම් බටහිර කොළඹ ආසනයට නාමයෝජනා නොදී ලංකා ජාතික සංගමයෙන්ද ඉවත්ව ගියේය.
මා මේ සියල්ලෙන් පෙන්වාදීමට උත්සාහ කරන්නේ එම නිශ්චිත ඓතිහාසික කාලවකවානුවේදී සාමාන්‍ය සමාජය කෙරෙහි පමණක් නොව, වඩා දැන උගත්කමක් තිබුණු ජාතික තලයේ දේශපාලන නායකයන් කෙරෙහිද කුලභේදය, ආගම් භේදය හා වර්ග භේදයද බලපෑ බවය. සමාජය වර්ගය අනුවද, නැවත අදහන ආගම හා තමා අයත් කුලය අනුවද බෙදී සිටියේය. සියලූ සිංහලයන් එක සමාන නොවූ අතර සියලූ දමිළයෝද එක සමාන නොවූහ. සිංහල සමාජයේ සේම ඊටත් වඩා දෙමළ සමාජයේද කුලය මත පදනම් වූ උස් පහත් භේදයක් තිබුණි. නැවත ඔවුන් අතර ආගමික බෙදීම් තිබුණි.
අත්‍යවශ්‍ය කොන්දේසි සපුරා ගැනීමට අසමත්වීම
බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබූ තිබූ ජාතික රාජ්‍යය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට නම් කුලභේදයට තිබෙන පිළිගැනීම නැති කොට ජනතාව අතර වර්ග හා ආගම් වශයෙන් තිබෙන බෙදීම් තුනී කොට ඔවුන් සියලූදෙනාට සමාන අයිතිවාසිකම් සේ ම ඔවුන්ගේ අනන්‍යතාවන් ද ආරක්ෂා කරගැනීමට ඉඩ ලැබෙන තත්ත්වයක් සහතික කරමින් ඒ සියලූදෙනා ඇතුළත් වන ලෙස ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනගා ගත යුතුව තිබුණේය. එසේම බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම සම්ප‍්‍රදායයන් සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා වැඩවසම් ආකල්පවලට තිබෙන පිළිගැනීම නැති කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්ප පෝෂණය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජයක් ගොඩනගා ගත යුතුව තිබුණි. එහෙත් අප නිදහස හිමි කරගත්තේ එම මූලික කොන්දේසි දෙක සම්පූර්ණ කරගැනීමෙන් තොරවය. නිදහස දිනාගැනීමෙන් පසුත් එම කොන්දේසි දෙක සම්පූර්ණ කරගැනීමේ වුවමනාවක් හෝ ඒ සඳහා වන ශක්තිමත් දැක්මක් අපේ ජාතික නායකයන්ට නොවීය.
ඒ තත්ත්වය යටතේ ජාතික රාජ්‍යය සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයද අර්බුදයකට යෑම නොවැළැක්විය හැකි දෙයක් විය. අපේ පළමු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළේ සර් අයිවර් ජෙනින්ස්ය. මුලදී එහි අන්තර්ගතය ගැන දැනසිටියේ ඞී.ඇස්. සේනානායකකත්්, ඔලිවර් ගුණතිලකත් පමණය. තමන් හා සාකච්ඡුා කිරීමකින් තොරව හිතුවක්කාරී ලෙස එම කෙටුම්පත සකස් කර ඇතැ’යි කියන චෝදනාව සුළු ජාතික නායකයන් වෙතින් එල්ල වන්නට වූ විට වයිට්හෝල් අධිකාරිය ආණ්ඩු ක‍්‍රමය ගැන සොයා බලා වාර්තා කිරීම සඳහා 1944 සැප්තැම්බර්වලදී සෝල්බරි සාමි ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල කොමිසමක් ලංකාවට එවීය. තමන් යවන ලද කෙටුම්පත පිළිනොගෙන ඒ ගැන වැඩිදුර කරුණු සොයා බැලීම සඳහා කොමිසමක් එවීම ගැන විරෝධය පළකිරීම සඳහා ඞී.ඇස්. සේනානායකගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඇමති මණ්ඩලය කොමිසම වර්ජනය කිරීමට තීරණය කළේය. ඒ අනුව ලංකා ජාතික සංගමයද කොමිසම වර්ජනය කිරීමට තීරණය කළේය.

සටකපටකමට දුන් වැදගත්කම

එහෙත් ඞී.ඇස්. සේනානායක හා ඔලිවර් ගුණතිලක නිල නොවන ලෙස රහසේ එම කොමිසම සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගියේය. ඔලිවර් ගුණතිලක හෙළිදරව් කර තිබෙන කරුණු අනුව කොමිසමේ සාමාජිකයන්ට හා කාර්ය මණ්ඩලයට ලංකාවේ ප‍්‍රීතිමත් නිවාඩුවක් ලබාදීම සඳහා ඔවුහු නිර්ලෝභී ලෙස මුදල් වියදම් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළෝය. එහිදී ඔලිවර් ගුණතිලක කොතරම් දුර දිග ගිය තැනකට ගියේද කියනවා නම් කොමිසමේ ලේකම්වරිය සිය පෙම්වතිය බවට පත්කර ගැනීමට ඔහු සමත් විය. කොමිසම ගිය සමහර සංචාරවලදී කුඹුරු කොටන ගොවීන් සමග කොමසාරිස්වරු රටේ ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කළහ. ඔවුන් පුදුමයට පත් කරමින් භාෂා පරිවර්තකයන්ගේ ආධාර නැතිව මේ මඩ තවරා ගත් ගොවීහු හොඳ ඉංග‍්‍රීසි භාෂාවෙන් ඔවුන් සමග කතා කළෝය. එහෙත් එම ගොවීහු අව්‍යාජ ගොවීහු නොවූහ. එම කාරණය සඳහාම අමුඩ ගස්සවා කුඹුරට බැස්සවූ ව්‍යාජ ගොවීහු වූහ. ඔවුහු දෙදෙනා එම සටකපට ගනුදෙනුවේදී කොතරම් දක්ෂ වීද කියනවා නම් සෙනෙට් මණ්ඩලයක් ඇති කිරීම පිළිබඳ කාරණයේදී හැර මුල් කෙටුම්පත කිසිදු වෙනසකට ලක් නොකරන තත්ත්වයක තබා ගැනීමට සමත් වූහ. නිදහසින් පසු අගමැති ඞී.එස්. සේනානායක සෝල්බරි සාමි ආණ්ඩුකාර ධුරයට පත් කරන ලද්දේද එම නිශ්චිත මොහොතේ තමන්ට කරන ලද උපකාර වෙනුවෙන් කෙරෙන ප‍්‍රතිඋපකාර වශයෙනි.
එහෙත් ඉන්දියාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සටකපටකමින් ජයගත යුතු සරල දෙයක් ලෙස නොසැලකීය. එය ඔවුන් සලකන ලද්දේ ඉන්දියානු ජන නායකයන් විසින් අරඹා මහත් පරිත්‍යාග හා ඇප කැපකිරීම් මැද්දේ නිදහස දිනාගැනීම තෙක් ඉදිරියට ගෙනා සමාජ විප්ලවය එහි උච්චතම ස්ථානයකට ගෙනයෑමට හේතුවන ඉතාමත් වැදගත් ඓතිහාසික අවස්ථාවක් ලෙසය. ඔවුන් අපට වඩා වෙනස්ව ව්‍යවස්ථා සම්පාදනයේදී ආරක්ෂා කරගත යුතු සියලූ වැදගත් සම්ප‍්‍රදායයන් ආරක්ෂා කරගනිමින් ජාතියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජාතියේ අනාගත ඉරණම තීරණය කරන වැදගත්ම ගිවිසුම ලෙස සලකා භේදයකින් තොරව ජාතියේ සියලූ ප‍්‍රවණතාවලට නියෝජනයක් ලබාදෙන ආකාරයේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ඇති කරගනිමින් මහත් වගකීමකින් යුතුව එම ඓතිහාසික කාර්යයට අතගැසූහ. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ජාතියේ මහා ගිවිසුම සකස් කැරෙන මහා විවාද මණ්ඩපයක් ලෙස ක‍්‍රියා කළේය. සමස්ත ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ගත කැරුණු කාලය අවුරුදු තුනකි.

චින්තනයේ දුගීබව

අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් කැරුණු දෝෂාභියෝග ව්‍යාපාරයේදී අධිකරණයේ වගකීම් ගැන සාකච්ඡුාවට ලක්වූ වැදගත් අවස්ථාවක් නිසා ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරියේ එම විෂය සාකච්ඡුාවට ලක්වූ ආකාරය කෙටියෙන් හෝ සලකා බැලීම වැදගත්ය. අධිකරණය පිළිබඳ කරුණු සලකා බලන කාරක සභාවට ඉන්දියානු නීති සමාජයේ විශිෂ්ටම ගණයේ අය ඇතුළත්ව සිටියෝය. සාකච්ඡුාව ආරම්භ කැරුණේ මොනම අංශයකින්වත් එල්ල වන බලපෑම්වලට යට නොවී ස්වාධීනව ක‍්‍රියාකරන අධිකරණයක් ඇතිකර ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයෙනි. ඔවුහු බි‍්‍රතාන්‍ය අධිකරණ ක‍්‍රමයේ ඇති ශක්තිමත් හා දුර්වල පැති සාකච්ඡුාවට ලක් කළෝය. ව්‍යවස්ථාදායකය විසින් සම්පාදනය කරන අණපනත් සමාලෝචනයට ලක් කිරීමට අධිකරණයට ඉඩක් නැතිකම ඉංග‍්‍රීසි සම්ප‍්‍රදායේ ඇති දුර්වලම ලක්ෂණය ලෙස ඔවුුහු හඳුනාගත්හ. ඇමරිකන් අධිකරණ ක‍්‍රමයේ දුර්වලම ලක්ෂණය ලෙස ඔවුන් හඳුනාගත්තේ ඉහළ අධිකරණයට විනිසුරුවන් පත්කැරෙන ක‍්‍රමයයි. ඒ මගින් ඔවුහු බි‍්‍රතාන්‍ය හා ඇමරිකන් ක‍්‍රමයේ සාරවත් අංග එකට එකතු කොට ඉන්දියාවට ගැළපෙන නව ක‍්‍රමයක් ඇතිකර ගත්තෝය. ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් විසින් අධිකරණය සලකන ලද්දේ ඉන්දියානු සමාජ විප්ලවයේ ආරක්ෂකයා හා භාරකාරයා ලෙසය. දෝෂාභියෝග ප‍්‍රශ්නය ආශ‍්‍රයෙන් අපේ රටේ ඇතිවූ වාද විවාද දෙස බලන විට ආණ්ඩුක‍්‍රම විෂයයෙහි අපේ රටේ චින්තනය නිදහස ලැබෙන අවස්ථාවේදී පමණක් නොව ඉන් වසර 65කට පසු වර්තමානයේ පවා තිබෙන්නේ මොනතරම් දුප්පත් තැනකද යන්න ඉන්දියාව ආශ‍්‍රයෙන් තේරුම් ගත හැකිය.
නිදහසේදී ඇතිවූ බිඳීමක් තිබියදීත් තමන්ගේ ජාතික රාජ්‍ය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ඉන්දියාව ගොඩනගා ගත්තේය. ඒ එක්සත් ජාතියක් ගොඩනගා ගැනීමට ඔවුන් සමත්ව තිබුණි. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය ශක්තිමත් හා නිර්මාණශීලීව ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්‍ය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජයක් නිදහස ලැබෙන අවස්ථාව වනවිටත් ඔවුන් ගොඩනගා ගෙන තිබුණි. එහෙත් අපේ රටේ ජාතික රාජ්‍ය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය එක්සත් ජාතියක් ගොඩනගා ගැනීමට අප අසමත්ව තිබුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජයක් ගොඩනගා ගැනීමටද අපි අසමත් වීමු. නිදහස ලැබීමෙන් පසුද එම අත්‍යවශ්‍ය කොන්දේසි දෙක සම්පූර්ණ කරගැනීමේ වුවමනාවක් අපේ රටේ ජාතික නායකයන්ට නොතිබුණි.
ඒ අනුව ආණ්ඩුක‍්‍රමයේ සේ ම සමාජ ක‍්‍රමයේද මහා විකෘතීන් ඇතිවීම නොවැළැක්විය හැකි විය. ඒ නිසා එකුදු ලේ බිඳුවකුදු නොසොල්වා නිදහස දිනාගත් රට වැඩි කල් නොගොස් කෙළවරක් නැති තරමට හෝ තම රටේ ජනගහනයේ තරමට නොගැළපෙන තරම් විශාල ලෙස ලේ වගුරුවන රටක් බවට පත්විය. ඇතිවූ මෙම ලේ වැගිරෙන ආරාවුල් කෙරෙහි වර්ගය, කුලය හා ආගම වැනි සාධක සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණධර්මවලදී තිබෙන දුප්පත්කමද බලපා තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. නිදහස ලැබෙන විට බෙදීසිටි ජාතිය එක්සේසත් කිරීමට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්ප සහිත සමාජයක් ඇති කිරීමට සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද සමත් වූයේ නැත. නිදහස ලැබෙන්නට ආසන්නයේදී නිදහසින් පසු තමන්ට මේ රටේ නිසි පිළිගැනීමක් නොලැබෙනු ඇතැ’යි කල්පනා කරමින් බර්ගර් ජාතිකයෝ තොග ගණනින් රට අතහැර ගියෝය. ඉන්පසු සෝල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පෙර නව අගමැතිවරයා වාමාංශික ව්‍යාපාරයේ ව්‍යාප්තිය වළකන පියවරක් වශයෙන් ඉන්දියානු දෙමළ වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කළේය. ඉන්පසු බණ්ඩාරනායක සියලූ දේශපාලන පක්ෂ පිළිගෙන තිබූ භාෂා ප‍්‍රතිපත්තියෙන් ඉවත් වී සිංහල පමණක් ප‍්‍රතිපත්තියකට මාරුවී දෙමළ ජනයා වර්ගවාදී අන්තවාදයකට තල්ලූ කළේය. ඒ සමග නැවත නිදහසින් පසු ජාතිවාදී කලකෝලාහල හා ප‍්‍රචණ්ඩ කැරලි ඇතිවන තත්ත්වයක් ඇතිවිය.

ව්‍යවස්ථාව සමග බෝල ගැසීම

ඉන්දියාවට තමන් හදාගත් ව්‍යවස්ථාව අද දක්වාම එපාවී නැත. එය මහා අභියෝගවලට මුුහණදෙමින් උරගා බැලීම්වලට ලක්වෙමින් ජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනාගනිමින් සිටින්නේය. එහෙත් අපට සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ටික කලක් යනවිට එපා විය. එය ව්‍යවස්ථා සම්පාදනයේදී අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගතයුතු සම්ප‍්‍රදායයන් සැලකිල්ලට ගෙන තනනු ලැබූ ව්‍යවස්ථාවක් නොවීය. එය අහෝසි කොට 1972 ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ව්‍යවස්ථා සම්පාදන සම්ප‍්‍රදායයන්හි වන බාහිර දේවල් සැලකිල්ලට ගත්තද එම සම්ප‍්‍රදායයන්හි අරටුව ලෙස සැලකිය හැකි ප‍්‍රතිපක්ෂ සමග පොදු එකඟතාවකින් ක‍්‍රියාකිරීමේ සම්ප‍්‍රදාය සැලකිල්ලට ගත්තේ නැත. එය පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන ආණ්ඩු පක්ෂයේ අභිමතාර්ථ පමණක් සැලකිල්ලට ගෙන තනන ලද ව්‍යවස්ථාවක් විය. අඩුම තරමින් සුළු ජාතිකයන්ට භාෂා විෂයයෙහි ඇතිකර තිබූ යටහත් පහත් තත්ත්වයවත් නිවැරදි කළේ නැත. ඒ වනවිට අන්තර් වර්ග, කුල හා ආගමික සම්බන්ධතා වඩා නරක තත්ත්වයකට වර්ධනය වෙමින් තිබුණේයැයි කිව හැකිය. දෙමළ දේශපාලන පක්ෂ වෙනම රාජ්‍යයක් ඉල්ලන තත්ත්වයකට දෙමළ ප‍්‍රශ්නය වර්ධනය වී තිබුණි.
කොල්වින්ගේ ජනරජ ව්‍යවස්ථාවද ඉක්මනින් අපට එපාවිය. ඉන්පසු කරළියට එන්නේ රස්තියාදුකාර පන්නයක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. එය පැවති ආණ්ඩු පාලන සම්ප‍්‍රදායයෙන් මුළුමනින් බැහැර වී නව රස්තියාදුකාර පාලන සම්ප‍්‍රදායයක් ඇති කළ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
පැරණි ආණ්ඩුක‍්‍රමයට ආවේණික සීමාසහිතකම් තිබුණේය. එය බෙදීගිය ජාතිය එක්සත් කිරීමට සමත් නොවීය. වර්ගය, ආගම හෝ කුලය යන සාධක ආශ‍්‍රයෙන් බිහිසුණු ආරාවුල් ඇති නොවන තත්ත්වයක් සහතික කිරීමටද අසමත් විය. එහෙත් දේශපාලන බලය පිළිබඳ විෂයයේදී විරුද්ධ පක්ෂවලට බලයට පත්වීමට සාධාරණ අවස්ථාවක් දුන්නේය. හැම මැතිවරණයකදීම පාහේ ආණ්ඩු වෙනස්වීම සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබුණේය. ව්‍යවස්ථාදායකයටද අවශ්‍ය නම් විධායක බලය පරාජය කිරීමේ හැකියාවක් තිබුණි. අතුරු මැතිවරණ බලයේ සිටින ආණ්ඩුව සම්බන්ධයෙන් මහජන මතය පළකරන වැදගත් අවස්ථාවක් ලෙස සැලකුණි. සිරිතක් වශයෙන් අතුරු මැතිවරණවලින් වැඩි හරියක් ජයගත්තේ ආණ්ඩු පක්ෂ විසින් නොව විරුද්ධ පක්ෂ විසිනි. මැතිවරණ වියදම් හා මැතිවරණ අරමුදල් පාලනය කරන නීති තිබුණි. පාර්ලිමේන්තු නියෝජනයන් හිමිකර ගැනීම සඳහා අතිවිශාල මුදල් බලයක් අවශ්‍ය නොවීය. මැතිවරණ කොට්ඨාස ක‍්‍රමය නිසා මැතිවරණ කොට්ඨාසවලට අයත් ජනයාට තමන්ගේමයැ’යි කිව හැකි මන්ත‍්‍රීවරයෙක් සිටියේය. මන්ත‍්‍රීවරයකුට ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ නොවැදගත් තත්ත්වයක පැවතීම නිසා බොහෝ දෙනකු දේශපාලනය කළේ ගෞරවය සඳහා මිස මුදල් බලය සඳහා නොවේ.
ඉතාම වැදගත් දේ රාජ්‍යයේ සකලවිධ බලය මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායකය තුළ කේන්ද්‍රගත වී තිබීමය. මහජනයාට පමණක් නොව ව්‍යවස්ථාදායකයටද ඕනෑම ආණ්ඩුවක් පරාජය කිරීමේ හැකියාව තිබුණි. හැම වසර පහකටම පාහේ ආණ්ඩු වෙනස්වීම නිසා අනවශ්‍ය ලෙස බලයට පත්වන පාලකයන් සමග කල්ලි ගැසී ක‍්‍රියාකිරීමට රාජ්‍ය නිලධාරීහුද බියවූහ.

විකෘතිය පරිසමාප්ත කිරීම

ඇති කරන ලද අලූත් ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තුවට තිබුණු ප‍්‍රමුඛ වැදගත්කම නැතිවී පාර්ලිමේන්තුව ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් බවට පත්වී මහජන ඡුන්දයෙන් තේරී පත්වන ජනාධිපති රාජ්‍යයේ සකලවිධ බලය හිමි කරගත් පුද්ගලයා බවට පත්විය. කැබිනට් මණ්ඩලය තිබෙන්නේ ඔහු යටතේය. සේනාධිනායකයාද ඔහුය. සියලූම රාජ්‍ය නිලධාරීන් සිටින්නේද ඔහු යටතේය. ඔහුට තමන් කැමති අවස්ථාවක පාර්ලිමේන්තුව ඇමතිය හැකි වුවත්, පාර්ලිමේන්තුවට රාජ්‍ය නායකයා විවේචනයට ලක්කිරීමේ බලයක් නැත. ඔහු කරන හෝ පැහැර හරින කිසිම ක‍්‍රියාවක් අධිකරණයට පවා ප‍්‍රශ්න කළ නොහැකිය. සමස්ත මැතිවරණ ක‍්‍රමය රාජ්‍ය නායකයාගේ වාසියට හැසිරවීමට හැකි ලෙස සකස් කර තිබෙන අතර විරුද්ධ පක්ෂවලට බලය ලබාගැනීමට තිබෙන ඉඩ අහුරා ආණ්ඩු වෙනස්වීම ඉතාමත් කලාතුරකින් පමණක් සිදුවන දෙයක් බවට පත්කර තිබේ. පාලක පක්ෂයට අයථා ලෙස ධනය උපයා ගැනීමට ලැබී තිබෙන අයිතිය එම ආණ්ඩුක‍්‍රමයේ තිබෙන අවලස්සනම ලක්ෂණය ලෙස සැලකිය හැකිය.
නිදහසේ සිටම ආණ්ඩුක‍්‍රමය ඉදිරියට ගියේ ආණ්ඩුක‍්‍රමයේ සම්ප‍්‍රදායයන් හා මූලධර්ම නොසලකා කැරෙන මහා විකෘති කිරීම් මධ්‍යයේය. 77 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එම විකෘති කි‍්‍රයාවලියේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකිය. එය විරුද්ධ පක්ෂවල ක‍්‍රියාකාරීත්වයට සාධාරණ ඉඩක් ලබා නොදෙන බලහත්කාරය ප‍්‍රචණ්ඩත්වය මත පදනම් වී ක‍්‍රියාකරන අශීලාචාර ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. ඒ නිසාම රටේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කෙරෙන අරගල ප‍්‍රචණ්ඩ හා කෲර ස්වරූපයක් ගත්තේය. රටේ ඇතිවූ කෙළවරක් නැති ලේ වැගිරීම් එම ආණ්ඩු ක‍්‍රමයේ නොවැළැක්විය හැකි ප‍්‍රතිඵලයක් ලෙසද සැලකිය හැකිය.
දේශපාලන ක‍්‍රමය මනා ගැළපීමකින් හෝ විධිමත් බවකින් තොර අන්ත ¥ෂිත ක‍්‍රමයක් වූවා සේ ම ඒ ක‍්‍රමයට දීර්ඝ කාලයක් ජීවත්වීමට සිදුවී තිබුණේද මරළතෝනි මැද කුණුවූ මළසිරුරු අතරය. එම තත්ත්වය ¥ෂිත දේශපාලන ක‍්‍රමය සේ ම සමාජ ක‍්‍රමයද දුගඳ හමන තරමටම කුණුවූ තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. රටේ ප‍්‍රචණ්ඩ කැරලි පැවති කාලයේ දේශපාලන ක‍්‍රමයේ හා සමාජ ක‍්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමේ ඇත්ත හැකියාවක් නොතිබුණු අතර ජේවීපී කැරැුල්ල පරාජය කිරීමෙන් පසු තවත් දීර්ඝ කාලයක් තිස්සේ පැවති එල්ටීටීඊ කැරැුල්ල පරාජය කිරීමෙන් පසු එළැඹෙන අවස්ථාව නිදහසේදී සම්පූර්ණ කරගැනීමට අසමත් වූ මූලික කොන්දේසි දෙක සම්පූර්ණ කරගැනීමට ලැබුණු ඊළඟ ඓතිහාසික අවස්ථාව ලෙස සැලකිය හැකිය. එහෙත් ශ‍්‍රී ලාංකික ජාතියක් ඇතිකර ගැනිමින් ඒ ජාතියේ අභිලාෂයන්ට ගැළපෙන නව ආණ්ඩු ක‍්‍රමයක් ඇති කරගැනීමට ලැබුණු එම ඓතිහාසික අවස්ථාව ප‍්‍රශස්ත ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට ශ‍්‍රී ලංකාව අසමත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය.

Share this :

Visakha Vidyalaya-2013-Last Term-Combined Maths-Grade-13-Full Paper

Here we’ll bring you Advanced Level Combined Mathematics (Maths) question paper of 2013 year created by Visakha Vidyalaya Colombo. Visakha Vidyalaya is a currently leading popular school in Sri Lanka, has marked a prominent place in Advanced Level Examination achievements. This is a complete question paper including part one & part two.  Please share this resource with your friends as well as protect copyrights. This content is strictly prohibited using for any kind of commercial benefit.

download-button

Share this :

Ananda Vidyalaya Colombo 10 – 2012 – Grade 12 Final – Physics – MCQ

Use these previous exam papers to revise and prepare for the upcoming Advanced Level exams. This way you can find out what you already know and what you don’t know.
To Download “Ananda Vidyalaya-2012-Grade 12 Final-Physics – MCQ” Right Click > “Save Target as”

download-button

 

Share this :

Royal College-2013-Last Term-Biology-English Medium-With Answers-Grade-13

Use these previous exam papers to revise and prepare for the upcoming Advanced Level exams. This way you can find out what you already know and what you don’t know.
To Download “Royal College-2013-Last Term-Biology-English Medium-With Answers-Grade-13” Right Click > “Save Target as”

download-button

 

Share this :

Richmond College, Galle – Last Term Test 2012 – Biology – Structured Essay

Use these previous exam papers to revise and prepare for the upcoming Advanced Level exams. This way you can find out what you already know and what you don’t know.
To Download “Richmond College, Galle – Last Term Test 2012 – Biology – Structured Essay” Right Click > “Save Target as”

Download Now

Download Now

Share this :

Classified MCQs – Chemistry – Lessons –10-11-12

Now vamatha provides you classified version of past paper MCQs. You can select the difficult lessons that need more exercises & select past papers questions from here. This includes Chemistry Past Paper MCQs  within 1980 – 2013.

වමත දැන් ඔබගේ පසහුව සදහා වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න පත්‍ර ද ඇතුළත් කර ඇත. ඔබට අපහසු පාඩම් ඒකක වල පුනරීක්ෂණ කටයුතු මෙමගින් පහසුවෙන් ඉටුකරගත හැකිවනු ඇත.

Downloads

Share this :

Ananda Vidyalaya Colombo 10 – 2012 – Grade 13 Final – Biology – SE

Biology Model Paper created by Ananda Vidyalaya Colombo 10 for Grade 13 Students’ Final Term Test Exam(2012). You can download structured essay paper from following download link. Please share this content with your friends.

Downloads

Download Now

 

Share this :